සීමාසහිත නිකවැරටිය සණස සමිති සංගමය, සංගමයේ සහ සාමාජික සණස සමිති වල වසර 20කට වඩා සේවා කාලයක් ලබාදෙමින් වර්ථමානයේ සේවය ලබාදෙන නායකත්වය සහ කාර්යමණ්ඩලය වෙනුවෙන් ඇගයීම් උපහාර උත්සවයක් 2026.07.17 දින බුද්ධි සමුද්රා හොටෙල්හිදී පවත්වන ලදි. බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති වන්නිහත්පත්තුවේ ප්රධාන සංඝනායක මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්ය දොඹගොල්ලේ දම්මාරාම ස්වාමින් වහන්සේ , වයඹ ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමා. සණස නායකතුමා විශ්වප්රසාදනී ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මැතිතුමා, ගරු සභාපති, නිකවැරටිය ප්රාදේශීය සභාව, නිලන්ත බංඩාර මැතිතුමා ,ගරු සභාපති, කොබෙයිගනේ ප්රාදේශීය සභාව, ආනන්ද පන්ඩිතරත්න මැතිතුමා, වයඹ පලාත් සමූපකාර සංවර්ධන නියෝජ්ය කොසමාරිස් මධූෂ සමිත් ඉලංගසේකර මහතා, සණස මහ සංගමයේ ගරු සභාපති ආචාර්ය එල්.බී. දසනායක මැතිතුමා, මහව සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්තුමිය ලසන්ති ගුණතිලක මැතිණිය, ගරු සභාපති,කොබෙයිගනේ විවිධසේවා සමුපකාර සමිතිය , වෙද්ය පී.එම්. වික්රමරත්න මහතා, නිකවැරටිය කලාපයේ සමූපකාර සංවර්ධන ප්රාදේශීය නිළධාරි ජේ.එම්.එස්. කේ. ජයතිලක මහතා, නිකවැරටිය කලාපයේ සමූපකාර සංවර්ධන ප්රාදේශීය නිළධාරි ඒච්.ජී.ජී.කේ. මහිමා මිය , විශ්රාමික සමූපකාර සංවර්ධන දිස්ත්රික් නිළධාරි බී.පී. විජේරත්න මයා, සණස ජෙනරල් රක්ෂන සමාගමේ කළමණාකරණ අධ්යක්ෂක ඉන්දික කිරිවන්දෙනිය මැතිතුමා, ජේෂ්ඨ කළමණාකරු ,සණස ජෙනරල් රක්ෂන සමාගම PLC ප්රදීප් බස්නායක මහතා, සාමාන්යධිකාරි කොබෙයිගනේ විවිධසේවා සමුපකාර සමිතිය ආර්.අයි.බී.එස්.පී.බී. රත්නමලල මහතා විශේෂ ආරාධනයෙන් එම අවස්ථාවට සහභාගි විය.

- මෙම උපහාර උළෙලේ දී සිදුකල විශේෂ කාර්යක් ලෙස විතිකුලිය සණස සමිතියේ අවශ්යතා ඇති දරුවා සදහා විදුලි රෝද පුටුව පරිත්යාග කිරීම. විතිකුලිය සණස සාමාජික වන ආර්.එම් අසංක රත්නායක ( පියා ), එම්.ජී.එම්. තක්ෂිලා ෂෙහානි (මව විතිකුලිය සණස සාමාජික,) ළමා සමාජ සාමාජික තුහින විමාෂ් වයස අවු10 – පහවසර ඉගනුම ලබන දරුවා සදහා

2 සී/ස නිකවැරටිය සණස සමිති සංගමය සාමාජික සමිති සාමාජිකත්වය සමග එක්ව ඉදිරි වසර තුන තුල සිදුකරන කෘෂිකාර්මික සංවර්ධන ව්යාපෘතිය වයඹ ආණ්ඩුකාරතුමන්ට , සණස නායකතුමන්ට සහ සමූපකාර සංවර්ධන නියෝජ්ය කොමසාරිස්තුමන්ට පිළිගැන්වීම.


වසර 20 වැඩි සේවා කාලයක් සේවය කරමින් වර්ථමානයේ සේවයේ සිටින ගරු සභාපතිතුමන්ලා ඇතුලු නායකතුමන්හා තුමියන්ලා 24 දෙනෙක් ඇගයීම සහ . වසර 20 වැඩි සේවා කාලයක් සේවය කරමින් වර්ථමානයේ සේවයේ සිටින කාර්යමණ්ඩල නිළධාරි 57 දෙනෙක් ඇගයීම.මෙදින සිදු විය.




















