සණස සාමාජික අත්පන්දු තරගය

මෙම තරගාවලිය මගින් සංගමයේ සාමාජික සමිති අතර සුහදතාවය සහ සහයෝගය වර්ධනය වීමත් සාමාජිකයන් ක්‍රීඩාවේ නියුතු වීමෙන් නිරෝගී වීමත් සමිති සදහා නව තරුණ සාමාජිකත්වය වර්ධනය වීමත් ප්‍රධාන අප්‍රේක්ෂාවන් විය.

ජයග්‍රාකයින් සදහා ශූරතාවය වෙනුවෙන් රුපියල් හතලිස්දාහබැගින් මුදල් ත්‍යාගයන්ද කුසලාන පිරිනමන ලද අතර අනුශූරතාවය සදහා රුපියල් විසිපන්දාහ බැගින් මුදල් ත්‍යාගයන්ද කුසලාන පිරිනමන ලදි. තෙවන ස්ථානයට මුදලින් රුපියල් පහලොස්දාහක් සහ සිව්වන ස්ථානය සදහා මුදලින් රුපියල් දහදාහක් පිරිනමන ලදි.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස සී/ස තලාකොලහේණ සණස සමිතියෙ නියොජනය කල ජේ.ඒ. කවිශ්ක චතුමාල් ක්‍රීඩකයා ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සී/ස විතිකුලිය සණස සමිතියේ එස්.එම්. මල්ෂා සෙව්වන්දි ක්‍රීඩිකාව තේරීපත්විය.

Leave a Reply