සණස අප

1906 දී දුම්බර මිටියාවතේ තෙල්දෙනිය මැණික් හින්න ගමෙන් උපත ලද එක්සත් සහකාර ණය දෙන සමූපකාර සමිති ව්‍යාපාරයට නව අරැතක් ලබා දෙමින් නිකවැරටිය මැතිවරණ කොට්ඨාශය තුල 1999 වසරේ දී සීමා සහිත නිකවැරටිය සණස සමිති සංගමය ආරම්භ කෙරිණි.

අප නිකවැරටිය සකසුරැවම් හා ණය ගණුදෙනු පිළිබද සමූපකාර සමිති සංගමය , සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2000.12.20 දින වප/කු/ 339 යටතේ ලියාපදිංචිය ලබාගනිමින් නීත්‍යනුකූලත්වයට පත් ක්‍රියාකාරී සංගමයකි.

මෙලෙස සණස සංගමය බිහි වීමට ආරම්භක සාකච්ජාව 1998.12.15 දින සිදු කල අතර පළමු ගණුදෙණුව 1999.07.01 දින සී/ර කටගමුව සණස සමිතිය නමින් රැපියල් තුන්දාහකින් සිදුවිය. එම වර්ෂය අවසානයේ ප්‍රාග්ධනය රපියල් ලක්ෂ හැටහතරකි. අප 2017.12.31 වන විට රැපියල් මිලියන අටසිය හැටදෙකක් ඉක්මවා ඇත.

මෙවන් වත්කමක් හිමි අප සංගමය සණස ව්‍යාපාරයේ නියමුවන්ගේ යහපත හා සුභසාධනය වෙනුවෙන් කළණ මිතුරැ නමින් ක්‍රියාකාරී සුභසාධක අංශයක්ද සාමාජිකයන්ට ලබාදෙන ණය ආරක්ෂන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනු ලබයි.

සංගමය නමින් නිකවැරටිය නගරය තුල ඉදිකර ඇති මනබන්දනීය දෙමහල් ගොඩනැගිල්ල අප සණස ව්‍යාපාරයේ ශක්තියයි. එමෙන්ම කොබෙයිගනේ නගරය තුළ පවතින සණස ප්‍රාදේශීය මධ්‍යස්ථානයද සාමාජිකත්වයට විශිෂ්ඨ සේවාවක් ලබාදෙනු ඇත. තවද සණස එන්ටර්ප්‍රයිස් නමින් බජාජ් යතුරැ පැදි අළෙවි ප්‍රදර්ශනාගාර දෙකක් නිකවැරටිය නගරයේ සහ හෙට්ටිපොල නගරයේ පවත්වන අතර කොබෙයිගනේ නගරයේද යතුරැපැදි අළෙවිය සිදු කරයි.

 

බැංකු කටයුතු කරමින් සමූපකාරකයින්ගේ ආර්ථිකයට ශක්තියක් ලබාදෙන්නා සේම නිකවැරටිය සණස සංගමය පහත වැඩසටහන් කෙරෙහිද වැඩි දායකත්වයක් ලබාදෙමින් සණස සමිති සමග ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.

  •           සණස අඩු ආදායම් ලාභීන් විස්සකට අධික පිරිසක් වෙනුවෙන් නිවාස ඉදිකරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම
  •           කොට්ඨාශය තුළ මාර්ග සංවර්ධන කටයුතු , රෝහල් සංවර්ධන කටයුතු , වැව් පිළිසකර කිරීම්
  •           දරැවන්ගේ අධ්‍යපන කටයුතු සාමාජික සහ නියමුවන්ගේ දැනුම ශක්තිමත් කිරීමේ දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් තරග පැවැත්වීම.
  •           සායන කටයුතු සංවිධානය කිරීම

සංගමය ආරම්භ කිරීමට ශක්තිය ලබාදුන් අධ්‍යක්ෂක මණ්ඩලය

 ගරු සභාපති                    එල් පී රැවන් රුවන් ඉන්දුක මයා

 ගරු ක. ලේකම්               එස් ලයනල් තිලකරත්න මයා

 ගරු අධ්‍යක්ෂක                කේ.ආර.එච්.එම. අබේරත්න මයා

ගරු අධ්‍යක්ෂක                 ඊ.ඒ.ආර්.බී.ඒකනායක මයා

ගරු අධ්‍යක්ෂක                 කේ.බී.වී ගුණතිලක මයා

ගරු අධ්‍යක්ෂක                  එච්.එම්.රංබංඩා මයා

ගරු අධ්‍යක්ෂක                 එස්.එම්. විජේදාස මයා

සංගමයේ ආරම්භ නිල අධ්‍යක්ෂක මණ්ඩලය

 ගරු සභාපති                    ඩබ්.අයි.එම්.සුමනදාස මයා

ගරු උපසභාපති                ඩබ්.එම්.ටිකිරිබංඩා මයා

 ගරු ක. ලේකම්               එල් පී රැවන් රුවන් ඉන්දුක මයා

 ගරු අධ්‍යක්ෂක                එස් ලයනල් තිලකරත්න මයා

ගරු අධ්‍යක්ෂක                 කේ.ආර්.එච්.එම් අබේරත්න  මයා

ගරු අධ්‍යක්ෂක                  එච්.එම්.රංබංඩා මයා

ගරු අධ්‍යක්ෂක                 ජේ.ඒ ඩෙවිඩ් මයා

සංගමයේ වර්තමාන  අධ්‍යක්ෂක මණ්ඩලය

 ගරු සභාපති                    එස් ලයනල් තිලකරත්න මයා

ගරු උපසභාපති                බී.එම්.චමින්ද ප්‍රසාද් මයා

ගරු අධ්‍යක්ෂක                 කේ.එම්.රණසිංහ මයා

ගරු අධ්‍යක්ෂක                 ජී.එම්.ගුණතිලක  මයා

ගරු අධ්‍යක්ෂක                  ජී.එම්.යසරත්න බංඩාර මයා

ගරු අධ්‍යක්ෂක                 එච්.එම්.රංබංඩා මයා

ගරු අධ්‍යක්සිකා                එඩ්ලිව්.එම් සුසිලා ප්‍රියානි මිය

ලේකම්/සාමාන්‍යධිකාරී      බී.එම්.අජිත් සෝමසිරි බාලසූරිය මයා

සංගමයේ වර්තමාන  කළමණාකරණ කාර්ය මණ්ඩලය

ලේකම්/සාමාන්‍යධිකාරී                බී.එම්.අජිත් සෝමසිරි බාලසූරිය මයා

නි.සාමාන්‍යධිකාරී/මූල්‍ය                එච්.එම්.සමන් දේශප්‍රිය මයා

කළමණාකරු සාමාජික

අධ්‍යාපන හා පුහුණු                      එච්.එම්.වසන්ත කුමාර හේරත් මයා

කළමණාකරණ සහකාර අධි         එම්.ඩී.අජිත් නිහාල් ප්‍රේමදාස මයා

කළමණාකරු අළෙවි සංවර්ධන     සී.එච්.බී.රත්නමලල මයා

කළමණාකරණ සහකාර              එල්.එල්.රසිකා නිරෝෂණී මිය

කළමණාකරණ සහකාර              ඩබ්.ඒ.චන්දික ප්‍රසාද් යසරත්න මයා

කළමණාකරණ සහකාර              එච්.එම්.අනුර කුමාර හේරත් මයා

කළමණාකරණ සහකාර              එම්.අරුණ නිලන්ත මයා

කළමණාකරණ සහකාර              ආර්.එම්.ඉන්දික නාමල් මයා

කළමණාකරණ සහකාර              එච්.එම්.අසේන් සංජීව අමරසිංහ මයා

සණස සංගමය බැංකු ව්‍යපාර

තැන්පත්

          ස්ථාවර තැන්පත්

          සණස මිතුරු තැන්පත්

          සාමාජික තැන්පත්

          සාමාජික නොවන තැන්පත්

          සේවක පාරිතෝෂික තැන්පත්

          සේවක ඇප තැන්පත්

ණය සේවා

          සාමාජික සාමාන්‍ය ණය

          ක්ෂණික ණය

          සුරත (රථවාහන ) ණය

          උපහාර ණය

          සණස ප්‍රෙබෝධණී ණය

          සණස දිරිය ණය

          ප්‍රාග්ධන ණය

          සහන දේපල ණය

අළෙවි සේවා

          ලිපි ද්‍රව්‍ය අළෙවි අංශය

          යතුරු පැදි අළෙවි අංශය

පුස්ථකාල සේවා

රක්ෂණ පහසුකම්